Friday, April 2, 2010

ශිෂ්ඨ සමාජයක ජීවත්වන මිනිස්සු එකිනෙකාට අවමන් නොකරති

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

ලංකාවේ මානව හිමිකම්වල වැදගත්කම ගැන කතා කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින අය තම රට තුළම සුළුතරයක් බවට පත්වී ඇත. වර්තමානයේ රට තුළ ක‍්‍රියාත්මක වන දෘෂ්ටිවාදය, බලාධිකාරය සහ ලෝක සම්මතය අනුව මානව හිමිකම් යනු යටත් පිරිසෙයින් ගත් කළ හිරිහැරයකි; උපරිම වශයෙන් ගත් කළ අපේ රටේ පුරවැසියන් අතුරින් බහුතරයක් විසින් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් තෝරා පත් කරගත් ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ගෙන එන තර්ජනයකි.
අපේ රට පාලනයෙහිලා මානව හිමිකම්වල ඇති මූලික වැදගත්කම අප විසින් අවධාරණය කරනු ලබන මේ මොහොතෙහි අපගේ සහෝදර පුරවැසියන් අතරින් බහුතරයකට මානව හිමිකම් පිළිබඳව අමතක කිරීමට අවශ්‍යව ඇත්ද යන ප‍්‍රශ්නය මෙහිදී අප විසින් අපගෙන්ම විමසිය යුතුය. දැනට රටේ පවතින ජනප‍්‍රිය පිළිගැනීම හෙවත් ලෝක සම්මතයට අනුව කියැවෙන්නේ අප රටේ පුරවැසියන්ට අවශ්‍ය වන්නේ ත‍්‍රස්තවාදය, බෝම්බ පිපිරීම්, තුවාල ලත් පුද්ගලයන්, අතුරුදහන්වීම්, ජාතික ආරක්ෂක නීති යොදාගෙන කරනු ලබන රඳවා තබා ගැනීම් ඇතුළත් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ අඳුරු අතීතය අමතක කොට ඉදිරි අනාගතය වෙත පිය නැගීම බවයි. ඉතිං අපි අපේ රට තුළම සුළුතරයක් බවට පත්ව ඇත.

Read more...
View Pdf....

සමබිම මංගල කලාපය නිකුත් වෙයි


‘සමබිම’ මාසික පුවත්පත දොරට වැඞීම සහ ‘සමබිම’ වෙබ් අවකාශය අන්තර්ජාලයට මුදා හැරීම 2010 මාර්තු 26 වෙනි සිකුරාදා කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ඔලිම්පික් නිවසේදී සිදුවිය.
රාවය සමඟ ‘සමබිම’ කලාප 100ක් පළ කිරීම හෙවත් ‘සමබිම සෙන්චරිය’ සැමරීමද මානව හිමිකම් පිළිබඳ ත්‍රෛමාසික සීමාවාසික පාඨමාලාව සම්පූර්ණ කළ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන් හට සහතික පත් පිරිනැමීමද මේ අවස්ථාවේදී සිදුවිය.
‘සමබිම’ වෙබ් අවකාශය විවෘත කිරීම අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදී. සීමාවාසික පුහුණුව ලැබූ විද්‍යාර්ථීන්ට සහතික පත් පිරිනැමීම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, වර්ගවාදයට සහ වෙනස්කොට සැළකීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සමකැඳවුම්කාරිනී ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිය සහ සමාජ භාරයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ බී.ස්කන්දකුමාර් සහ රයිට්ස්නව් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් සිදු කරන ලදී.
නාරද බක්මීවැව විසින් මෙහෙය වූ මෙම උත්සව සභාව අමතා රාවයේ සම කර්තෘ නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන, චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු දෙසුම් පැවැත්වූහ.
උත්සවයේ සුවිශේෂ අංගය වූ ‘සමබිම’ මාසික පුවත්පතෙහි මංගල කලාපයේ පළමු පිටපත එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා වෙත පිළිගන්වන ලදී.

Read more...
View PDF..

අපි සර්කස් කණ්ඩායමක්

ජනාධිපතිවරණයෙන් පසු ඇති වෙච්ච සංක‍්‍රාන්ති කාලෙදී මම සර්කස් එකක් බලන්න ගියා. මේ සර්කස් කණ්ඩායම ගමෙන් ගම ගිහින් සැමට සර්කස් පෙන්වන අතරේ අප ජීවත්වන ප‍්‍රදේශයටත් ඇවිත් කූඩාරමක් අටවා ගෙන තිබුණා.
සර්කස් බලන්න ආපු බාල, මහලු, තරුණ, ස්ත‍්‍රී, පුරුෂ, වැදගත්,නොවැදගත් සියළු දෙනාම නොඉවසිල්ලෙන් බලා හිටියේ සර්කස් එක පටන් ගන්න තුරුයි.
පළමුවෙන්ම තිබුණෙ තරුණ කාන්තාවක් කම්බියක් මත කුඩයක් ඉහළ ගෙන එහා මෙහා ගමන් කරන දර්ශනයක්. ඊට පස්සේ තරුණයෙක් ඒ කම්බිය උඩ බයිසිකලයක් පදිනවා. උස යකඩ බම්බු මත නැගුණ කරණම්කරුවන් ඇඟ කිලිපොළා යන අන්දමේ කරණම් ගහනවා බලාගෙන ඉන්න අපි අත් පොළසන් දෙනවා. එත් හැම තිස්සෙම හිතනවා දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා. හරියටම රිදී රත්තරන් අශ්වයා පිට නැඟලා කුමාරිගේ ඇඟිල්ලේ දිලිහෙන පේරැස් මුද්ද ගන්නට තට්ටු හතක් උඩට අශ්වයා පන්නපු ඉවානුෂ්කා දිහා බලා හිටපු මිනිස්සු වගේ අපි පුදුමයෙනුත්, බයෙනුත් බලාගෙන ඉන්නවා.

Read more...
View Pdf...

මානව හිමිකම් කොමිසමේ අයිතිය පුරවැසියන්ටයි

බී.ස්කන්දකුමාර්
නීතිය හා සමාජ භාරයෙහි
වැඩ බලන විධායක අධ්‍යක්ෂ

”ජාතික මානව හිමිකම් කොමිසම ලංකාවේ පුරවැසියන් වශයෙන් අපට අයිති ආයතනයක්. එය යම්කිසිවකු විසින් අපයෝජනයට ලක් කිරීම, සූරා කෑම හෝ එම හේතු මත අපවාදයට පාත‍්‍රවීම නිසා අපි එයට පිටුපාන්නේ නැහැ. අප කොමිසම දෙස බලන්නේ මානව හිමිකම් ප‍්‍රජාවේ කොටස්කරුවෙකු වශයෙන්. සත්තකින්ම එහි භූමිකාව සිවිල් සමාජ සංවිධානවල භූමිකාවට වඩා වෙනස්. නමුත් මානව හිමිකම් ප‍්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ඕනෑම ආයතනයක් සතුව ඇත්තේ එකම පරමාර්ථයක් වන අතර අප සියළුදෙනාම එම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට යන ගමන් මගේ සහකරුවන්ය. රාජ්‍යයට එකක් හා රාජ්‍ය නොවන සංවිධානවලට තවත් එකක් වශයෙන් මානව හිමිකම් නිර්ණායක දෙකක් නොපවතින අතර ඇත්තේ එකම සාර්වත‍්‍රික නිර්ණායකයක්.
සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් කොමිසම එකිනෙකාට සලකා ගත යුත්තේ මිතුරු ආකල්පයෙන්. මිතුරන් හැමවිටම එකිනෙකා හා එකඟ නොවන නමුත් මිතුරන් එකිනෙකාගෙන් පෝෂණය වේ. සිවිල් සමාජ සංවිධාන දුර්වල වුවහොත් එය පෙරලා මානව හිමිකම් කොමිසම දුර්වල වීමටද බලපාන අතර කොමිසම දුර්වල වීම සිවිල් සමාජ සංවිධානවලටද අහිතකර ලෙස බලපායි.”

Read More...
View Pdf...

Friday, March 19, 2010

සිවිල් සමාජය අත්‍යන්තයෙන්ම දේශපාලනීයකරණය වු බලවේගයක්


ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ‘නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කාරියක වන අතර වෙනස්කොට සැලකීම්වලට හා වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනියද වන්නීය.



ඔබ ‘නිදහසේ වේදිකාව’ සංවිධානයේ කැඳවුම්කාරියක් ලෙස ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා විවේචනය කරන ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රකාශිකාවක්. ඒ වගේම විවිධ ජාත්‍යන්තර සමුළුවලදී ඔබ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරුද්ධව අදහස් පළ කොට තිබෙනවා. මේ දිනවල ජනමාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන්ගේ ලැයිස්තුවක් රජයේ ඔත්තු සේවා විසින් සකස් කොට ඔවුන් ශ්‍රේණිගත කොට ඇතැයි කියවෙන නමුත්, ඔබේ නම එහි ඇතුළත් වී ඇතැයි වාර්තා වෙන්නේ නැහැ. ඒ ඇයි?
ඔය වගේ ලැයිස්තු කිහිපයක මීට පෙර අපේ නම් තිබුණා. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ defence.lk වෙබ් අඩවියේ පළවූ දේශද්‍රෝහීන්ගේ ලැයිස්තුවේ අපේ නම් ඇතුළත් කර තිබුණා. මට කියන්න තිබෙන්නේ මම ලංකාවේ යහපාලනය ඇති කිරීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා වාමාංශික පක්ෂවල වගකීම විශාලයි


අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකට වාමාංශික නායකයෙකු මෙන්ම නිදහසේ වේදිකාවේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.



ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක මූලික ලක්‍ෂණය වන්නේ කලින් කලට තමන්ගේ පාලකයින් නිදහස්ව හා ස්වාධීනව පත් කිරීමට ඇති අයිතිය, නීතියේ ස්වාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා මානව හිමිකම් ගරු කිරීම වේ. රට තුළ අද සිදුවන්නාවූ සිදුවීම් සලකා බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. දීර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයන් ගරු කරමින් පාලනය වූ අප රට වැනි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට දැඩි අභියෝගයන් ලක් වූ අවස්ථාවක රටේ දේශපාලන පක්ෂ සතු කාර්යභාර්ය හා වගකීම කුමක් විය යුතුද යන්න සලකා බැලිය යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපගේ දේශපාලන සංස්කෘතියේ මූලික පදනම හෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ බිඳ වැටීමත් සමඟ සමාජය අගය කරන්නාවූ සියලූ අගයන් හා සමාජය රඳා පවත්නාවූ මූලික පදනම කඩා වැටීම වැළැක්විය නොහැක. ඒ අනුව මුළු රටම දැඩි අර්බුදයකට පත් වනු ඇත.

Friday, March 12, 2010

ඇයි මේ අන්දොස් වෙලා ...?

මහ මැතිවරණය පැවැත්වීමට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ජනාධිපතිවරණයට පෙර ඇතිව තිබූ උණුසුම T-20 පන්දු ඕවර විස්සේ තරගයක් හේතුවෙන් ඇතිවන උනන්දුවට සමකළ හැකි නම්,මහ මැතිවරණය හරියට T-20 තරගාවලිය සත්කාරක රට විසින් දිනා ගැනීමෙන් පසුව පවත්වනු ලබන ටෙස්ට් ක‍්‍රිකට් තරගයක තත්ත්වයට පත්ව තිබේ.
හාවගේ සහ ඉබ්බාගේ රේස් දිවීම වැනි තරගයක් බවට ජනාධිපතිවරණය පත්වන බව ආණ්ඩුවේ තක්සේරුව විය. ඉබ්බා ෂුවර් එකටම පරදින බවට සහතික නමුත්, ඉබ්බාගේ පැත්තේම අය ලවා තරග පරාජයෙන් පසු ඉබ්බා බ්ලාස් යවා තමන්ට හිතවත් ඉබ්බකු ඉබි පිලේ නායකත්වයට පත් කිරීමට කල්පනා කරමින් ගහක් යට නිදි සුව විඳිමින් සිටි හාවාට දවල් තරු පෙනුණේ පොදු අපේක්ෂක ඉබ්බකු තමන් පසු කරමින් ඉදිරියට යන බව දුටු විටය. හිට්ලර්ගේ සිට ඉඩි අමීන්, සම්බන්ධන්,කලවැද්දන් ....

Read more...
View Pdf